Social Icons

Pages

Featured Posts

Saturday, May 24, 2014

සත් රුවන් ආර

සත් රුවන් ආර




සත් රුවන් ආර මුතු බැදි මුහුදු පවුරකින් සුලකල
පුන්‍ය භූමි වූ මනරම් තම්බපන්නියේ
පලාපෙති බැදන් ගෙලවට රණහංස පියාපත් සලමින
පායාලා පහන සදකඩ රන්වනින් දිලේ
නීලහරිත වනසම්පත් නදී ගිරිමුදුන් පෑපත්
දියඇලි වල්විදුනා ගත් රම්‍යභූමියේ
යෝද වැවුඅමුනු දාගැබ් වෙහෙර පෙතිපිලිම සුවහස්
මැවූ ඉසිවරුන්ගේ අත් පූජනීය වේ
නිදන්ගත ශ්‍රමය තැම්පත් උතුම්වූ එවන් සම්පත්
නොදී නොරටුන්ට පණසේ රකිව් දරුවනේ
එවන් අසිරි සිරි දුටු නෙත් පෙමින් රටට බැදලනු වස්
අලංකාර වාහල්කඩ දොරටු විවරවේ


ගායනය  : ජානක වික්‍රමසිංහ

Friday, May 23, 2014

අන්න බලන් බෙර හඩින් උදම්වී

අන්න බලන් බෙර හඩින් උදම්වී




අන්න බලන් බෙර හඩින් උදම්වී දෑත දෙපා සෙලවෙන අන්දම්
අන්න බලන් උඩුගුවන් තලේ හිද මාලක්කම කැරකෙන අන්දම්
අනන්තවූ බර හිසින් දරාගෙන වෙස් තට්ටුව පැලදුව සිරසේ
කුසෙන් නැගෙන ගිනි දැලෙන් වෙලීගොස් රනේ රුවට නලලත දිලිසේ
අවුල්හැරෙන් ඉන හැඩෙන් වැසුනු කය රැදෙන්නෙනෑ කෙනෙකුගෙ දෑසේ
දවුල් හඩින් තාලමෙන් වැසීගිය කනට වෙනින් කිසිවක් නෑසේ


පද රචනය: බන්ඩාර ඇහැලියගොඩ  
ගායනය  :එඩ්වඩ් ජයකොඩි

Wednesday, May 14, 2014

පාරමී දම් පුරා සපැමිණ

                                                 පාරමී දම් පුරා සපැමිණ



                                                                  


පාරමී දම් පුරා සපැමිණ
එකට හමුවී වෙන්ව යන සඳ
කියාගන්නට බැරිව ලතැවෙන
හැඟුම් මිහිදන් නොවේ කිසිදින

ලේ නහර ඇට මිදුලු විනිවිද
රිදුම් දෙන හැඟුමක්ද ප්‍රේමය
දුර‍ට වි ඇසිපිය නොලා
බලා ඉන්නට අවසරයි
සංසාරයේ පතා ආවෙත් එලෙසමයි

ස්වයංජාතව හිතේ මතුවන
පහන් සිතුවිල්ලක් ද ප්‍රේමය
දෙහදකට
සීමා නොවී
ලයෙන් ලය සැනසිය යුතුයි
ප්‍රේමයෙන් විශ්වයම සුවපත් කළ හැකියි

නිතින් සසර දුක ජයගන්නට වේවී
දහම් සරණ හැර සරණක් නැත දේවී



පද රචනය: බන්ඩාර ඇහැලියගොඩ  
ගායනය  :නන්දා මාලනී/සුනිල් එදිරිසිංහ